මෙරට මුහුදු සීමාව තුළ මුහුදුබත් වූ නෞකා උපයෝගී කරගනිමින් ආදායම් උපයා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

දැනට මෙවැනි නෞකා 47ක් මෙරට මුහුදු සීමාවේ පවතින අතර, ඒවා සංරක්ෂණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය, නාවික හමුදාව සහ පෞද්ගලික සංචාරක සමාගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ වැඩපිලිවෙල දියත් කිරීමටයි එහි දී තීරණය වී ඇත්තේ.

ඊට අමතර ව කෞතුක වශයෙන් වටිනාකමක් නොමැති නෞකා ගොඩගෙන අබලි ද්‍රව්‍ය ලෙස විකුණා එම මුදල් රජයේ ගිණුමට බැර කිරීමට ද අදාළ සාකච්ඡාවේදී තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content