මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ මෙම සීමා කිරීම සිදුවන බවයි..

කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් හා ජල සම්පාදන මණ්ඩලයේ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකරන බව සඳහන් .

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content