මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පැවතිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන්  අද උදෑසන සිට දුම්රියන් රැසක ප්‍රමාදවීම් සිදුව තිබුණා.

එමෙන්ම ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

මේ වන විටත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් එක් මාර්ගයක් පමණක් භාවිත කරමින් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අනුව තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බව සදහන්.

WhatsApp Group

Skip to content