මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති ඇති බවයි.

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙලෙස පිලි පැනීමට ලක්ව ඇති බව සඳහන්.
දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටීම හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි එම දෙපාර්තමේන්තු සේවකයකු සඳහන් කලේ.

WhatsApp Group

Skip to content