මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයට ගස් කඩා වැටීමෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බව සදහන්.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content