නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බවයි.

වසර 15ක් බංග්ලාදේශයේ අගමැති ලෙස කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී එරටින් පළා ගියා.
ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content