පාකිස්තානයේ මුස්ලීම් දේවස්තානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පිපිරීම බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තවත පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

මෙම මුස්ලීම් දේවස්තානයේ ත්‍රස්තවාදියෙකු සිටින බවට ලද තොරතුරක් මත මෙම පොලිස් නිලධාරීයා සොයා බැලීමක් කර ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි එක් ත්‍රස්තවාදියෙක් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

එහි සිටි අනෙක් ත්‍රස්තවාදියා පලායාමට උත්සහ කිරීමේදී අත්තඅඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර 2022 ජූනි 18 වැනිදා සිට මෙම වසරේ ජූනි 18 වැනිදා දක්වා පාකිස්තානය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 15ක් ඇතුළුව ත්‍රස්ත ප්‍රහාර 665ක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content