මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටමත් සමගි ජන බලවේගය සමග කටයුතු කරනු ලබනවා.

තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා පවසනවා.

WhatsApp Group

Skip to content