මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දී පසුගිය 11දා සිදු කෙරිණි.

දෙපාර්තමේන්තුව පිළිබඳ තොරතුරු, මහජන දැනුවත් කිරීම් සහ හින්දු , කතෝලික දෙපාර්තමේන්තුවල තොරතුරු ද මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

ජනතාවගේ කාර්යය වඩාත් පහසු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර එළිදැක්වීම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂ්රාෆ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම්. ෆයිසාල්, සහකාර අධ්‍යක්ෂ එන්. නිලෝෆර්, හජ් කමිටු සභාපති ඉබ්‍රහිම් අන්සාර් යන මහත්වරු, වකුප් සභාවේ සාමාජිකයෝ, මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content