විදේශ ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන දැනට විදේශ ගතව සිටින ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කුඩු රැජින දෝණි නැමැති කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා‍.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.08.27 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ අංක 416, රණබිම මාවත, මුල්ලේරියාව යන නිවස තුල දී වැටලීමක් සිදුකර ඇත ඇත.

WhatsApp Group

Skip to content