මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම සමබන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකොට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා යාපනය කෝපායි ප්‍රදේශයේදී අද (04) උදෑසන මිනිස් දම්වැල්ක් ලෙස සංවිධානය වෙමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණා.

කෝපායි නගරයේ පැවති මෙම විරොධතාවය වෙනුවෙන් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු හිටපු පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිස්ක සහභාගී වී සිටියා.

මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වණරාජා මහතා පසුගිය සැප්තම්බර් 23 වනදා තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසමින් ඉල්ලා අස්වීමේ ලිපියක් අධිකරණ සේවා කොමිෂණ් සභාව වෙත භාර දී 24 වනදා විදෙස්ගතව තිබුණා.

විරෝධතාවයේ නිරත වූවන් පවසා සිටියේ මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බවටත් මෙම නීතියේ ස්වාධීනත්වයටද දැඩි ලෙසන් බලපාන අතරම මහෙස්ත්‍රාත් වරයෙකුට ජීවිත තර්ජන එල්ල කිරීමෙන් රටටම දැඩි අපකීර්තියක් වන බැවින් අදාල ජීවිත තර්ජන එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න සොයා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

මේ අතර මුලතිව් මහෙස්ත්‍රාත් වරයාට ජීවිත තර්ජන එල්ල වී ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත රහස් පොලීසිය මගින්ද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

WhatsApp Group

Skip to content