නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා.

ඒ අනුව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන ආඥා පනතට අනුව මහජන සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දෙවන උපලේඛනයේ සදහන් වන ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/10/AJITH-RJAPAKSHA-EDIT.mp3?_=1

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට දිනයේදී දිස්ත්‍රික්ක 3 ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

https://www.vnews.lk/storage/2023/10/AJITH-RAJAPAKSHA-EDIT-02.mp3?_=2

මේ අතර අද පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා කාලය තුළදී සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ද සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම සමස්ත මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද වූ පනත් කෙටුම්පත ද අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.

එහිදි ඔහු විමසා සිටියේ නීති විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ගේ ඇතුලත්වීමේ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට තීරණයක් ගෙන ඇත්ද යන්නයි.

එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබදව කඩිනමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද විපක්ෂ නායකවරයා විසින් අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-PRAMADASA-EDIT.mp3?_=3

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.

https://www.vnews.lk/storage/2023/10/WIJAYADASA-RAJAPAKSHA-EDIT-01.mp3?_=4

එහිදි මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/WIJAYADASA-RAJAPAKSHA-EDIT-02.mp3?_=5

මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ විවාදයට එක්වෙමින් කියා සිටියේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නඩු තීන්දුවක් වෙනස් කිරීමට සිදු කරන ලද බලපෑමක් හේතුවෙන් එම විනිසුරුවරයා ඉල්ලා අස්වී ඇති බවයි.

මේ සදහා අධිකරණ අමාත්‍යවරයා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/KIRIELLA-VS-WIJAYADASA-EDIT.mp3?_=6

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් විමසා සිටියේ 2023 වසරට අදාළව උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබදව මේ වන විට තීරණයක් ගෙන ඇතිද යන්නයි.

ඒ සදහා පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ ඒ පිළිබදව අද හෝ හෙට දිනයේදී සිසුන්ට දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි.

https://www.vnews.lk/storage/2023/10/BUDDIKA-VS-SUSIL-EDIT.mp3?_=7

WhatsApp Group

Skip to content