මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඊයේ (27) සවස වවුනියාව ඕමන්ත
ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව්
සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි
වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් මහතා අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බව
ප්‍රදේශවාසීන් පැවසූහ.

වෛද්‍යවරයා මළ සිරුර වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර,
ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසූහ.

WhatsApp Group

Skip to content