මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා .
ඒ, මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින්.

එමෙන්ම තම සේවා කටයුතුවලින් ඊයේ පස්වරුවේ සිට ඉවත් වීමට ද ඔවුන් තීරණය කරනු ලැබුවා .

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත්, මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලා ඊයේ කිලිනොච්චිය නගරයේ දී විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.

මේ අතර උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ 7ක් ලබන හෙට දිනයේදී විරෝධතාවක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ .

ඒ අනුව මරුදනාර් මඩමේ සිට යාපනය නගරය දක්වා මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමට සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content