සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති බවත් එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content