ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 125ක් රැස් කළා.එහිදී නායක හර්දික් පාන්ඩ්‍යා ලකුණු 34ක් සහ තිලක් වර්මා ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදි රියන් පරාග් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා.

මෙය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව ලද තෙවැනි පරාජය වන අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

WhatsApp Group

Skip to content