හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා හෙලිකොප්ටර් තුනක් සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්ෲප් කපිතන් දුශාන් විජේසිංහ මහතා සඳහන් කරන්නේ කටුනායක, රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථාන ගතකොට ඇති බවයි.

ඒ අනුව බෙල් 212 යානා දෙකක් සමග එම්.අයි 17 යානයක් මේ සඳහා සූදානම් කොට තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවා ගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටිනවා.

 

WhatsApp Group

Skip to content