මුදල් වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ නගරයේදී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 04ක්, කුඩා ජංගම දුරකතන 03ක් සහ දුරකථන සිම්පත් 73ක් පොලීසිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල යන පොලිස් ස්ථානවලට පැමිණිලි 13ක් ලැබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඔහු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content