විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරියෙකු හා යාපනයේ කාන්තාවක්.
මුදල් ලබා ගැනීමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් ගත වුවද රැකියා නොලැබීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබදව යාපනය පොලීසියට පැමිණිලි කර තිබුනා.
පුද්ගලයින් 23 දෙනෙකු පමණ අදාළ කාන්තාවට මුදල් ලබා දී තිබුනද පැමිණිලි කර ඇත්තේ හය දෙනෙකු පමණයි.
සැකකරුවන් දෙදෙනාම යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබුණා.