පුද්ගලික ජෙට් යානා භාවිතය සඳහා මුදල් නාස්ති කරන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් පසුගිය වසරේ සතියක කාලයක් තුළ යුරෝ ලක්ෂ 5කට වැඩි මුදලක් වැය කළ බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.

ඉන්දුනීසියාවට ලැට්වියාවට සහ එස්තෝනියාවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිදුකළ සංචාරවලදී මුදල් නාස්ති වූ බවයි ගාඩියන් පුවත්පත පවසන්නේ.

කෙසේ වෙතත් මේ සංචාර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අමාත්‍ය සංග්‍රහය අනුගමනය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

WhatsApp Group

Skip to content