පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂය නායකවරයා දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ යෝජනාව මයන්ත දිසානායක මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අදාළ තනතුර සදහා විපක්ෂය විසින් හර්ෂ ද සිල්වා මහතා නම යෝජනා කර තිබියදී ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ මයන්ත දිසානායක මහතා ඒ සදහා පත්කර තිබුණා.

කෙසේවෙතත් මයන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉවත් නොවුනහොත් ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව සභාපතිධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම්වාද විවාද ඇතිවුණා.

WhatsApp Group

Skip to content