තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දුන් මුතු රාජා හස්තියා හෙට යළි තායිලන්තයට රැගෙන යාමට නියමිතව තිබෙනවා.
මෙම හත්තියා රැගෙන යාම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.
රුසියාවේ මොස්කව් නුවර සිටයි මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ.
මුතු රාජා හස්තියා රැගත් ගුවන් යානය අද මධ්‍යම රාත්‍රියේදී තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ 2001 වසරේදී යි. ඒ තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් අනුවයි .

මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී ඇතා විවිධ වධ හිංසාවට ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය ඇතා යළිත් එරටට රැගෙන යාමටයි තීරණය කළේ.

ඇතා පුහුණු කිරිමට එරටින් ඇත් ගොව්වන් සිව් දෙනෙකු ද මෙරටට පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවා
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ දිගම දළ යුගලය හිමි ඇතා මුතුරාජා හස්තියා බවයි.

WhatsApp Group

Skip to content