තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද අලුයම් කාලයේදී යළිත් එරටට රැගෙන යනු ලැබුවා.

ඒ,විශේෂ ගුවන් යානයකින් .

මෙම මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට හිමි වුයේ 2001 වසරේදී තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් අනුවයි .

ඒ අනුව මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී විවිධ වධ හිංසාවට අදාළ සත්වයා ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය විසින් එම සත්වයා යළිත් සිය රටට රැගෙන යාමටයි තීරණය කළේ.

මෙලෙස ගුවන් යානයෙන් ගමන් කිරීම වෙනුවෙන් ඇතා පුහුණු කිරිමට එරටින් ඇත් ගොව්වන් සිව් දෙනෙකු ද මෙරටට පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ දිගම දළ යුගලය හිමි ඇතා මුතුරාජා හස්තියා බවයි.

 

WhatsApp Group

Skip to content