සමගි ජන බලවේගය විසින් කොළඹදී අද පැවැති විරෝධතාවයට එක්වූ කොළඹ දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි.

‘‘මේ දුෂ්ඨ ආණ්ඩුව එළවමු‘‘ යන තේමාවයෙන් යුක්තව සමගි ජන බලවේගය අද පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් කොළඹදී පවත්වනු ලැබුවා.

ඊට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල වූවා.

මුජිබර් රහුමාන් මහතාට අමතරව ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත නිලධාරියෙක්ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කර සිටින මුජිබර් රහුමාන් මහතාගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද රෝහල වෙත ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content