රටේ දේශපාලන බලය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා.

මීළග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බිහිවන බවයි එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ , සාගර කාරියවසම් සහ තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුවන් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/SLPP-EDIT.mp3?_=1

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා.

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා පවත්වමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ.

මෙම අවස්ථාවට එක්වුණු රුවන් විජේවර්ධන මහතා සහ පී හැරිසන් මහතා ද මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/07/UNP-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content