කුඩු, ගංජා, පාතාලය අවසන් කිරීමේ යුක්තිය මෙහයුම සමග මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති කසිප්පු සහ ස්පා හෙවත් සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන මුදලට කාන්තාවන් අලවිකරණ ස්ථාන වැටලීමේ ක්‍රියාන්විතය නතර කිරීම සඳහා එම ජාවාරම්කරුවන් දේශපාලන සම්බන්ධතා යොදාගනිමින් බලපෑම් කිරීමට සංවිධානය වෙමින් සිටින බව යුක්ති ගරුක සමාජයක් අපේක්ෂාවෙන් සිටින ජනතාව පවසනවා.

මීගමුව නගරයේ පමණක් නිත්‍යානුකුල නොවන සම්භාහන ආයතන සිය ගණනක් තිබෙන අතර කටාන, දිවුලපිටිය, කොච්චිකඩේ, සිදුව, කටුනායක,
බඩල්ගම ඇතුළු මිගමුව පොලිස් කොට්ඨායේ අනෙකුත් බලප්‍රදේශ වලද මෙවැනි සම්භාහන ආයතන ප්‍රසිද්ධියේ පවත්වාගෙනයන අතර මේවාට එරෙහිව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසී ජනතාව අවස්ථා ගණනාවකදී විරෝධතා පවත්වා තිබෙනවා.

මෙම සම්භාහන ආයතන වල සේවයකරන කාන්තාවන් අතර හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන අයද සිටින බවත් ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන තරුණයන් මත්ද්‍රව්‍ය සදහා යොමු කරගැනීම සිදුවන බව සිදුකල විමර්ශ වලදී අනාවරණය වූ අවස්ථා ඇති බව පොලිසිය පවසනවා.

දීර්ඝකාලීනව කසිප්පු වෙළදාමේ යෙදුනු සමහර ජාවාරම් කරුවන් තමන් එම ජාවාරම නතර කර ඇති බව සඳහන් දැන්වීම් සහ බැනර්ද ප්‍රදර්ශනය කර ඇති ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබිණි.

 

WhatsApp Group

Skip to content