පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුද බිම ආලෝකමත් කිරීම සදහා විහාරාධිපති හිමියන් විසින් මුදල් නොමැති බව ප්‍රකාශ කළ ද එය මුසාවක් බව පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා.

ජාතික වශයෙන් වැදගත්කමක් දක්වන බොහෝ පූජනීය ස්ථාන සදහා දෛනිකව විශාල ආදායමක් ලැබෙනු ඇති බවටයි උන්වහන්සේ කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/WAANAWASI-RAHULA-HIMI-EDIT.mp3?_=1

මේ අතර අද රාත්‍රියේදී මිහිදු මහරහතන් වහන්සේට ගෞරව පිණිස 2331 වෙනි පොසොන් පින්කම වෙනුවෙන් මිහිදු පෙරහැර සංවිධානය කර ඇති බවටයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.

https://www.vnews.lk/storage/2023/06/HIMI-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content