ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුව යමින් ලංකා අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා.

මිල සංශෝධනය අද සිට ක්‍රියාත්මක බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් කියා සිටියේ .

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපර් ඩීසල් මිල ඉහළ රුපියල් 6 කින් ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් මිල පහත දමනු ලැබුවේ රුපියල් දෙකකින්.

ඒ අනුව එම මිලටම අයි.ඕ. සී සමාගම අලෙවි කරන එම වර්ගයේ ඉන්ධනවල මිල සංශෝධනය වනු ඇති.

මේ අතර ඉන්දන මිල සංශෝදනයට සමගාමිව බස් ගාස්තු සංශෝධනයක් කල නොහැකි බව ලංකා පවුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ බස් ගාස්තු සංශෝදනයක් සිදු කල යුතු නම් ජාතික ප්‍රතිපත්තියේ මිල සුත්‍රය අනුව මිල අඩුවීමක් අඩුවීමක් සිදුවිය යුතු බවයි.

වොයිස් කට් – ගැමුණු විජේරත්න

කෙසේවෙතත් ඉන්ධන මිල සංශෝදනය පිලිබඳ ජනතාව දැක්වුයේ මෙවන් අදහසක්

වොයිස් කට් – ජනාතාව

 

WhatsApp Group

Skip to content