පාන් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

පාරිභෝගික අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඊයේ සිට රුපියල් 10කින් අඩු කිරීමටයි බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කලේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරී දිල්රුක් පට්ටියපොල මහතා පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content