මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සේවකයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙහිදී සභාපතිවරයාව පොලීසියේ මැදිහත්වීමෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content