මීරියබැද්ද ප්‍රදේශය යළි නායයාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් නිවාස කිහිපයක්, ළමා සුරකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පැවසුවේ මීට පෙර මිරියබැද්ද ප්‍රදේශයේ නායයාමට ලක්වු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින කන්දක කොටසක් ගිලා බසිමින් පවතින බවයි.

මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබෙනවා.

ඒ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගය යථා තත්ත්වයට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content