මෙරට වැඩබලන මියන්මාර තානාපතිනි ලෙයි යි වින් මහත්මිය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (16) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ හරහා මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

මියන්මාරයේ යැන්ගුන්හි මේ වසරේ පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගි විය හැකි බවද මෙහිදී වැඩබලන මියන්මාර තානාපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content