මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය හිටපු හමුදා සාමාජිකයින් බේරාගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත බණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන පිරිස මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

ඔවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 5 බැගින් ගත කරමින් මෙම සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content