මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි පොලිීසිය සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content