මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ දියුණු තාක්ෂණය භාවිත කරමින් නූතන ලෝකයට ගැලපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරීයේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරන බවයි.

නගරය සංවර්ධනය කිරීමේදී නගරයේ පිහිටි කුඹුරු ඉඩම් ඇතුළු ස්වාභාවික පරිසරයට හානියක් නොවන ලෙස සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

මිනුවන්ගොඩ නගරය මගහැර පහසුවෙන් ගුවන්තොටුපළට ළඟාවීම සඳහා අඹගහවත්ත ප්‍රදේශයේ සිට ගුවන්තොටුපළ දක්වා නව මාර්ගයක් ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

 

WhatsApp Group

Skip to content