යුක්තිය මෙහෙයුමට සමගාමීව මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ කටුවැල්ලගම, පේරලන්දවත්ත, යකහටුව, ගනේමුල්ල යන ප්‍රදේශවල විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් විය.

මෙම සැකරුවන් ළඟ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 490ක්, ගංජා මිලිග්‍රෑම් 3000ක්, කසිප්පු බෝතල් 20ක්, අයිස් මිලිග්‍රෑම් 16535ක් සමග සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ ගම්පහ කොට්ඨාස භාර නාලක සේනානායක මහතා සමග මිනුවන්ගොඩ පොලිසි ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක N.S ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම සිදු කෙරුණි.

මෙම මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් හෙට දින මිනුවන්කොට අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි මහතා පවසයි.

WhatsApp Group

Skip to content