ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400 4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ 3 යි තත්ත්පර 15ක් ලෙසයි.

එහිදී අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න, කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීයි.

WhatsApp Group

Skip to content