අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයක් අතරතුර සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සුජාතා කුලේන්ද්‍ර මහත්මිය සඳහන් කලේ මේ සම්බන්ධයෙන් අද පාසැල් බලධාරීන් කැඳවා කරුණු විමසීමට නියමිත බවයි.

තිරුක්කෝවිල් ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස ඊයේ ජිවිතක්ෂයට පත්වුනා.

අදාළ සිසුවා තරගයට ඉදිරිපත්ව සිටියදී එක්වරම සිහිසුන්ව ඇදවැටි තිබුණා.
පසුව ඔහු තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබුනා.

කෙසේ වෙතත් සිසුවාගේ ඥාතීන්, පාසල් සිසුන් ඇතුලු දෙමාපියන් චෝදනා කළේ රෝහල් බලධාරීන් විසින් සිසුවාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදීමට කටයුතු නොකළ බවටයි.

 

WhatsApp Group

Skip to content