පාසල් මැරතන් ධාවන තරගය අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසනවා.

ඊයේ දිනයේදී තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති පාසලක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content