යාපනයේ ක්‍රියාත්මක මැරකල්ලි විසින් භාවිතා කරන තියුණු ආයුධ කිහිපයක් යාපනය , අච්චුවේලි , සෙල්වනායගපුරම් ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලද තොරතුරක් මත ඉඩම පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ හතරක් සොයාගත් බවයි.

යතුරු පැදිවල කොටස් භාවිතා කරමින් තියුණු ආයුධ නිර්මාණය කොට තිබූ බවත් පොලිසිය පැවසුවා.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ තියුණු ආයුධ සඟවා තැබූ පිරිස පැනගොස් සිටි බවත් පොලිසිය සදහන් කළා.

පොලිසිය පැවසූයේ යාපනය ක්‍රියාත්මක ‘ආවා‘ කල්ලිය ඇතුළු මැර ක්‍රියා සිදුකරන කණ්ඩායම් විසින් මෙවැනි ආයුධ භාවිතා කරන බවත්, කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට මෙම තියුණු ආයුධ සඟචා තබන්නට ඇති බවට සැක කරන බවටයි.

තියුණු ආයුධ නිර්මාණය කළ සහ භාවිතා කළ කණ්ඩායම් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් පොලිසිය පවසනවා.

අච්චුවේලි පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content