පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කලා .

පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙනවා.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳකුටි භාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි පොදු වෙළෙඳ සංගමය අද වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුනා .

මෙමගින් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ටයි .

මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් ක්‍රියාකිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බව ද එම නියෝගය කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

 

WhatsApp Group

Skip to content