2024 ජනාධිපතිවරණයට අදාළ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ගතවූ පැය 24 තුල පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක් ඇතුළුව සමස්ත පැමිණිලි 127 ක් ලැබී ඇති බවයි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් ඇලවීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් තුන් දහසක දඩ නියම කර තිබෙනවා.

එම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි ලබා දී ඇත්තේ .

එම පුද්ගලයින් දෙදෙනා කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල මැතිවරණ දැන්වීම් අලවමින් සිටියදි කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.

ඒ මැතිවරණ කොමිසමේ නිලධාරියකු විසින් සිදු කල කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ පුද්ගලයින් නාරාහේන්පිට හා වැල්ලවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

WhatsApp Group

Skip to content