මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් දරුවන් යොදා ගැනීම පිළිබද විශේෂ විමර්ශනයක් සිදුකරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් පැමිණිලි කර ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා දරුවන් යොමු නොකරන ලෙසයි ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් සහ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ.

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමක් බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content