ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු කරන පුද්ගලයන් හට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිර දඬුවමක් ලබා දෙන බවයි.

එමෙන්ම නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content