මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිලි ලැබෙමින් ඇති බවයි.

ඒවා නතර කරන ලෙසට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී අදාළ කණ්ඩායම් යොමු කර තත්ත්වය සොයා බලා පාලනය කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

WhatsApp Group

Skip to content