ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සිද්ධීන් පිළිබද පැමිණිලි 20ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මේ දක්වා මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ සම්බන්ධව සමස්ථව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157ක්.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝණය කරමින් කටයුතු කළ අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා කරුණු විමසා තිබෙනවා.

මැතිවරණ කොමිසම පැවසුවේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සියලු රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content