මැතිවරණ කොමිසම අද දිනයේදී රැස්වීමට නියමිතයි.

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කෙරෙනු ඇති.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි .

සාකච්චාවෙන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාලව පසුගිය පැය 24 තුලදී පැමිණිලි 95 ක් වාර්තා වු බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සදහන් කලේ ජනාධිපතිපතිවරණයට අදාලව මේ දක්වා සමස්ථ පැමිණිලි 1 155 ක් වාර්තා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content