මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් අද දිනයේ යළි මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා .

මැතිවරණ කොමිසම සඳහන් කළේ යළි රැස්වී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව බවයි .

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 03 ලබා දුන් නියෝගය අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන 09 දාට පෙර ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ,

ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට 2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් පසුගිය 03 වනදා නිකුත් කලා.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් .

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඊයේ දිනයේදීත් විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් පල කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ,ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී ලාල්කාන්ත ,නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content