දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට දින මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම මෙහිදි සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 770ක පමණ මුදලක් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

දිනෙන් දින උණුසුම්වන දේශපාලනයේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස් කිහිපයක් දැන්.

https://www.vnews.lk/storage/2023/02/CUT-MIX-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content