සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

මැතිවරණයේ වත්මන් ප්‍රගතිය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කැඳවා ඇති බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ .

ඡන්ද මධ්‍යස්ථාන ගැටලු , ග්‍රාම නිලධාරින්ගේ කාර්යභාරය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරන බව ඔහු ප්‍රකාශ කලා.

මේ අතර, මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 100 ක් ලබාදී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මැතිවරණය සඳහා මිලියන 770 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ පෙබරවාරී මාසයේ වියදම් සදහා කළ ඉල්ලීමට මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් ප්‍රතිචාර ලැබී නොමැති බව මැතිවරණ කොමිස සදහන් කළා.

මේ අතර මැතිවරණ කොමිසම අනුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳි සිටින බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ කොළොඹ පවතී , මාධ්‍ය හමුවකදී .

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHCH-EDIT-.mp3?_=1

මේ අතර පර්ලිම්නේතු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මුදල් නොමැති බැවින් ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම මත දෙකක සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/02/WASUDEWA-NANAYKKARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content